Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට සුබ ආරංචි රැසක්

Author(s): 
චමීර ඇල්ලදෙණිය

ඇමැති රවී කරුණානායක

වසර 2020 සඳහා වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාතිය වෙනුවෙන් සුබ ආරංචි රාශියක් ගෙන ඒමට නියමිත බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය යහපත් හෙට දවසක් සඳහා ජාතියේ හැරවුම් ලක්ෂයක් වන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පසුගිය (16) නෙලුම් පොකුණ, මහින්ද රාජපක්ෂ ශාලාවේ පැවැති මෙට්‍රෝපොලිටන් විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා- 2015 අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති අපේක්ෂිත යහපාලනය, පැවති යම් යම් අඩුපාඩු හේතුවෙන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අපහසු වුණා. අපහැදිලි දෘෂ්ටි කෝණයකින් රටේ ප්‍රගතිය සීමා වුවද, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත් ධනාත්මක පියවරයන් අගය කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු යහපාලනයේ ජීව රුධිරයයි.

ආර්ථික දෘෂ්ටි කෝණයකින් යහපාලනයේ ප්‍රතිපල අපට සම්පූර්ණයෙන් අත්කර ගැනීමට නොහැකි වූ හෙයින්, ඊළඟ වාරයේ අපේම ජනාධිපතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවකින් එසේ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. 2020 සඳහා වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාතිය වෙනුවෙන් සුබ ආරංචි රාශියක් ගෙන ඒමට නියමිතයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශය යහපත් හෙට දවසක් සඳහා ජාතියේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව විශ්වාසයි. නොවැම්බර් 17 වනදා සිට අප ගමන් කරන ආර්ථික සමෘද්ධිය සඳහා මාවත එයයි.

මෙට්‍රොපොලිටන් විද්‍යාලයේ තේමා පාඨය වන“ඔබේ සාර්ථකත්වය, අපගේ ජයග්‍රහණය” මට පාලන ක්ෂේත්‍රයට පිවිසීමට කදිම පසුබිමක් සපයුවා. ශාස්ත්‍රීය ව්‍යවසායක් සමඟ සම්බන්ධවීම ඇත්තෙන්ම සතුටක් හා වරප්‍රසාදයක් වන අතර උපාධි ප්‍රදානෝත්සවයක් ඔවුන්ගේ නොපසුබට උත්සාහය, කැපවීම සහ වෙහෙස මහන්සි වී සම්පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමේ එළිපත්තෙහි සිටින උපාධි අපේක්ෂකයන්ගේ කණ්ඩායමට උච්චතම අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. තෘතීයික අධ්‍යාපනය යනු ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සෙවීමේ වැදගත් අංගයක් වන අතර එවැනි උත්සාහයක් තුළින් පුද්ගලයෙකුට ඇති ප්‍රතිලාභය සිතාගත නොහැකි තරම්.

අද උපාධිය ලබා ගන්නා උපාධිධාරීන් යටතේ නැවත මෙවැනි තේජාන්විත දිනයකට පැමිණීමට මට අවස්ථාව සලසාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඔබට සාර්ථක අනාගතයක් ලැබේවා,

ඔබගේ සියලු සිහින හා අභිලාෂයන් සෑම විටම උපරිම ලෙස ඉටු වේවා. ශාස්ත්‍රීය විශිෂ්ටත්වය කරා ළඟාවීම සැබවින්ම දුෂ්කර කාර්යයක් වන අතර ඔබ අද එම දුෂ්කර කාර්යය ජයගෙන ඇත. නමුත් තවත් අභියෝග රාශියක් ඇති බවත්, එම අභියෝග ජයගෙන ඉදිරි සන්ධිස්ථාන කරා ළඟා විය යුතු බවත් මතක තබා ගන්න.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();