තරග 7කින් සමන්විත සිවුදින සහ එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම මේ 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යයි.
නිපුන් ධනංජයගේ නායකත්වයෙන් මේ සංචාරයට එක්වන ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශයේදී සිවුදින තරග 2ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතය.
සිවුදින තරගාවලියේ පළමු තරගය 26 වැනිදා බරිසාල්හිදී ආරම්භ වන අතර දෙවැනි සහ අවසන් සිවුදින තරගයත්, එක්දින තරග 5ත් කුල්නාහිදී පැවැත්වේ.
දෙවැනි සිවුදින තරගය නෙවැම්බර් මස 2 දා ආරම්භ වන අතර එක්දින තරග 5 නොවැම්බර් මස 9, 11, 14, 17 සහ 19 දිනවල දී පැවැත්වීමට නියමිතය.
සිවුදින සහ එක්දින තරගාවලි දෙකට වෙන වෙනම කණ්ඩායම් නම්කර ඇති අතර අභිෂේක් කහදුවාරච්චි, රවිඳු රසාන්ත, සොනාල් දිනූෂ, චිහාන් කළිඳු, චමිඳු විජේසිංහ, ඩිල්ෂාන් මධුසංක සහ අම්ෂි ද සිල්වා මේ සංචිත දෙකටම ඇතුළත්ව සිටිති.
නිමාවූ ආසියානු කුසලාන තරගාවලියේදී නිපුන් ධනංජයගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකා යොවුන් පිලට අභිෂේක්, ඩිල්ෂාන්, අම්ෂි එක්වූ අතර එක්දින සංචිතයට ඇතුළත්ව සිටින නවෝද් පරණවිතාන, රොහාන් සංජය, කවිඳු නදීෂාන්, යසිරු රුද්‍රිගෝ ද එම තරගාලියට එක්ව සිටි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වෙති.
මෙවර සංචිත සඳහා නවක ක්‍රීඩකයන් කිහිපදෙනකු එක්කිරීමටද කනිෂ්ඨ තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
19න් පහළ සිවුදින සංචිතය - නිපුන් ධනංජය (නායක), චමිඳු වික්‍රමසිංහ, අභිෂේක් කහදූවආරච්චි, රවිඳු රසාන්ත, සොනාල් දිනූෂ, චිහාන් කළිඳු, ලක්ෂාන් ගමගේ, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, අවිශ්ක ලක්ෂාන්, දිල්ෂාන් මධුශංක, චමිඳු විජේසිංහ, රුවින් පිරීස්, අම්ෂි ද සිල්වා, අවිශ්ක පෙරේරා, මතීෂ පතිරණ.
19න් පහළ එක්දින සංචිතය - නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, මොහොමඩ් ශමාස්, අභිෂේක් කහදූවආරච්චි, රවිඳු රසාන්ත, අවිශ්ක තරිඳු, චමිඳු විජේසිංහ, රොහාන් සංජය, කවිඳු නදීෂාන්, යසිරු රොද්‍රිගෝ, ඩිල්ෂාන් මධුසංක, චිහාන් කළිඳු, අම්ෂි ද සිල්වා, සඳුන් මෙන්ඩිස්, සුධීර තිලකරත්න, සොනාල් දිනූෂ
තරග කාල සටහන
ඔක්. 26-29 පළමු සිවුදින තරගය (බරිසාල්)
නොවැ. 2-5 දෙවැනි සිවුදින තරගය (කුල්නා)
නොවැ. 9 පළමු එක්දින තරගය (කුල්නා)
නොවැ. 11 දෙවැනි එක්දින තරගය (කුල්නා)
නොවැ. 14 තෙවැනි එක්දින තරගය (කුල්නා)
නොවැ. 17 සිවුවැනි එක්දින තරගය (කුල්නා)
නොවැ. 19 පස්වැනි එක්දින තරගය (කුල්නා)
0 Comments