Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් කිහිපයකට වැසි හා සුළං

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරුද අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
 
නැගෙනහිර, ඌව, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.
 
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();