Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අස්ථානගත වී තිබු ගිනි අවි දෙක සමඟ යුද සෙබළුන් ‍2ක් අත්අඩංගුවට

අකුරැස්සේ දී පොලීසියේ දෙදෙනෙක්ට වෙඩි තැබූ සිද්ධිය අදාළ හමුදා සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔවුන් පානදුර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අය වේ. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී සැකකරුවන් සඟවා තිබූ ටී 56 අවි 2ක්, මැගසින් 2ක් හා සජීවී පතරොම් කිහිපයක් සොයාගෙන තිබේ. සොයා ගන්නා ලද ටී 56 ගිනි අවියකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තබා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
 
තවදුරටත් ප්‍රශ්න කිරීම්වල දී මෙලෙස සොයාගත් ටී 56 අවි පසුගිය දිනක පානදුර උතුර පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද ටී 56 අවි 2 බවට අනාවරණය වී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();