ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම ඇතුළු ජනාධිපතිවරණය සමබන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට ජාතික මැතිවරණ කොමිසම අද (09) රැස්වීමට නියමිතය.
මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොමිසම ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවන දිනය නිෂ්චිත වශයෙන් තීරණය කෙරෙනු ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය. මෙම රැස්වීමෙන් අනතුරුව ඉතා ඉක්මනින්ම පක්ෂ ලේකම්වරු සමග ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ

0 Comments