Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ළඟම පාසල හොඳම පාසල’

තෙවැනි පියවරට එකම දිනක ගොඩනැගිලි 500ක් සිසු අයිතියට

'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහනේ තෙවැනි පියවර යටතේ එකම දිනක, නව පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ සඳහා සිදුකර ඇති මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 10,000කි.දිවයින පුරා අංග සම්පූර්ණ, නවීන පහසුකම් සපිරි පාසල් ගොඩනැඟිලි 500ක් එකම දිනයක සිසු අයිතියට පත්කිරීමේ මෙම ජාතික වැඩසටහන හා ඊට සමගාමී ව 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘති ආධාර යටතේ කහතුඩුව, වෙනිවැල්කොළ අභිනවයෙන් ආරම්භ කෙරෙන ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය සිසු අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) දින පැවැත්වේ.

‘ශිෂ්‍යෝදා’ විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය මෙරට අධ්‍යාපන පද්ධතියට දායාද කරනු ලබන්නේ සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සමාන අවස්ථා ලබාදීමේ දයාර්ද්‍ර හැඟීම පෙරදැරිව ය. 'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන්නකි. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබාදෙමින්, ග්‍රාමීය පාසල් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ සිට ආරම්භ කර ඇති 'ළඟම පාසල හොඳම පාසල' සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ පාසල් 9064ක ව්‍යාපෘති 18000ක් ක්‍රියාත්මක වේ. මෙහි සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65000කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();