Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජයටම ගන්න යන රාජපක්ෂ පවුලේ අන්තිම විවාහ උත්සවය ගැන මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආදරණිය පුතාලා තුන් දෙනා ගැන ගොඩක් දෙනා පහුගිය කාලේ සැරින් සැරේට කතා කළා මතක ඇති. ඒකට ප්‍රධානම හේතුව වුනේ මේ මුළු රටේම ආකර්ෂණය දිනාගත්ත මේ තරුණයෝ තුන් දෙනා එක දිගට විවාහ වෙන්න පටන් ගත්ත එක. මේ අයියලා මල්ලිලා තුන් දෙනාගෙන් දෙන්නෙක්ම ඔන්න පහුගිය මාස 2,3ක් ඇතුලත විවාහ දිවියට පත්වුණා හැටි මතක ඇති. ලොකු අයියාගේ විවාහයට කලින් පොඩි මල්ලිලා දෙන්න විවාහ වෙද්දී "ඇයි අයියා බඳින්නේ නැද්ද" කියලා හැමෝම වගේ අහන්න පටන් ගත්තා.

අයියගේ විවාහය ගැනත් පොඩි පොඩි ආරංචි එහෙන් මෙහෙන් පැතිරුණත් මේ ලඟදි දවසක් වෙනකන්ම තමන්ගේ විවාහය ගැන නාමල්ගෙන් වචනයක් ගන්න පුළුවන් වුනේ නෑ. හැබැයි මල්ලිලා දෙන්නගේ විවාහයත් එක්ක තමන්ගේ ආදර කතාවත් එලියට ගේන්න නාමල් තීරණය කරලා තිබුනා. තමන්ගේ ආදරවන්තිය එක්ක ගත්ත බොහොම අපූරු ඡායාරූප එක දෙක තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධ කරපු නාමල් ඔන්න ඇත්තටම විවාහ වෙන දවස ළඟ ලංගම එනවා කියලා තමයි ආරංචිය. 

සැප්තැම්බර් 17 වෙනිදා තමන්ගේ ආදරවන්තිය හා අතිනත ගන්න මේ විවාහ මංගල්‍යය උත්සවය ජයටම පැවැත්වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. එහෙනං එතින් ඔන්න වාසනාවන්ත අනාගතයකට අපිත් මේ තරුණ යුවලට සුබ පැතුම් එකතු කරනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();