Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක්

මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(09) පෙරවරුවේ රැස්වේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳ එහිදී අවධානය යොමු කරනු ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී‍ රත්නායක මහතා පැවසීය.
 
ලබන මස 11 වෙනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ලබන සිකුරාදා අවසන් කිරිමට නියමිතය. 
 
ඡන්ද විමසීමට අදාලව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා මෙහෙයුම් මැදිරි දෙකක් ද පොලීසිය ස්ථාපනය කර තිබේ. පැමිණිලි භාර ගැනීම අද ආරම්භ විය.
 
මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද පත්කර තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();