Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලියාපදිංචි අපරාධකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙසට ලේඛන ගත වු යුද හමුදා සේවයෙන් පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
පෑලියගොඩ, නවලෝක වටරවුම අසළ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක් සමඟ කැකිරාව ඈඹුල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ (08)අත්අඩංගුවට ගෙන ඇත. 
 
පසුගිය 03 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී  හෙරොයින් ග්‍රැම් 05කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් රැඳවුම් නියෝග මත සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අදාළ සැකකරුවන් දෙදෙනා සහෝදරයන් වන අතර ඔවුන් වත්තල, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවල ගෙවල් බිඳ දේපල සොරා ගැනීම් සිද්ධින් 15කට පමණ සම්බන්ධ බව පොලීසිය සඳහන් කළේය. මොවුන් විසින් සිදු කරන ලද අපරාධයන්ගෙන් මේවන විට රුපියල් ලක්‍ෂ 17කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් හා රුපියල් ලක්‍ෂ හතරහමාරක මුදල් ද සොයාගෙන ඇත. 
 
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන මේ පිළිබඳ සිදු කරනු ලැබේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();