Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගහරුවාදා පැය 4කට රෝහල් නවතියි .

ඉල්ලීම දහයක් මුල් කරගනිමින් රටපුරා සියලූම රෝහල් අගහරුවාදා  (10)  පැය හතරක සංකේත වර්ජනයක් ක‍්‍රියාත්මක කිරිමට සමස්ත ලංකා සුවසේවා සංගමය සැලසුම් කර  ඇත.

10 වැනිදා  උදේ 8.00 සිට පස්වරු 12.00 දක්වා මෙම වර්ජනය ක‍්‍රියාත්මක වන අතරඒ  සඳහා දේශපාලන හෝ වෘත්තීය සමිති බේදයකින් තොරව බහුතරයක් සුව සේවකයින් සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ  කියා සිටියි .

සේවක හිඟය පියවීම, ස්ථාන මාරුවීම්, උසස්වීම්, දීමනා, පුහුණුවීම් පිළිබඳ ගැටලූ විසඳා ගැනීම, ඇතුලූ කරුණු දහයක් මෙම ඉල්ලීම් අතර පවතින බවද මේ ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වත් ඇමතිවරයා වේලාවක් නොදී මගහැරීම නිසා මෙලෙස වර්ජනයකට යාමට ඔවුන්  තීන්දු කර  ඇත .

වර්ජනයට පැවැත්වෙන අතරතුර කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර මහ රෝහල ඇතුළු රටපුරා ප‍්‍රධාන රෝහල් තිහක උද්ඝෝෂණයක් පැවැත්විමටද සැලසුම් කර ඇත .

The post අගහරුවාදා පැය 4කට රෝහල් නවතියි . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();