Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධ්‍යාත්මික වැඩේ ගැස්සෙයි. 2ක් මරුට .18 ක් රෝහලට.

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි  පිරිසක් අතරින් රෝගී ව සිටි  කාන්තාවක සහ  පුද්ගලයකු මියගොස් අසාධ්‍ය තත්වයෙ පසු වූ තවත් 18 දෙනෙකු  රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතානෙන්  වර්තා වෙයි .

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ මෙම වැඩසටහන හොරොව්පොතාන මධ්‍යමහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ ඊයේ (07)රාත්‍රියේ සිට අද (08) දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ රෝගාබාධවලට ලක්වූ 25000කට අධික රෝගීහු සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

මියගිය රෝගීන් දෙදෙනා සහ රෝහල් ගත කළ රෝගීන් 18 දෙනා එම වැඩසටහනට සහභාගී වීමට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. එම වැඩසටහන අතරතුරදී ඔවුනට වැළඳී තිබූ රෝග උත්සන්න වීම නිසා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර  ඇති අතර ඒ වන විටත් බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනා මියගොස්  ඇත.

 

The post අධ්‍යාත්මික වැඩේ ගැස්සෙයි. 2ක් මරුට .18 ක් රෝහලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();