රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදාවේ නිලධාරින් දෙදෙනෙක් ඇතුළු නාවිකයින් 10 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
ඒ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
පසුගිය අගෝස්තු මස 28 වෙනිදා පුල්මුඩේ මුහුදේ දී සැකකටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමට නාවික හමුදාව උත්සහ දැරූ අවස්ථාවේදී එම යාත්‍රාවේ සිටි පිරිස අණ නොතකා පලා ගොස් තිබුණි.
මෙලෙස පළා යන යාත්‍රාව නතර කරන ලෙස දන්වා නාවික හමුදාව විසින් අවවාදාත්මක වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කරනු ලැබූ අතර පසුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම යාත්‍රාවේ ගමන් කළ බව කියන මුස්ලිම් ජාතිකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන කුච්චවේලි පොලිසියට භාර දී තිබුණි.
0 Comments