Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රතුපස්වල සිද්ධිය - නීතිපති නඩු පවරයි

රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන සහ හමුදා සෙබළුන් 03 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ විශේෂ මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබී ය.

අදාළ නඩුව මේනකා විජේසුන්දර, විමල් රණවීර හා නිශාන්ත හපුආරච්චි යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියමිත ය.

ඒ, පිරිසිදු පානීය ජලය ඉල්ලා පවත්වන ලද විරෝධතාවකදී වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පහර දී තුවාල කිරීම සහ උද්ඝෝෂකයින් 03 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 94ක් යටතේ ය.

2013 අගෝස්තු පළමු වන දා වැලිවේරිය, රතුපස්වලදී පුද්ගලයින් 3 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් 12 දෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම සහ ප්‍රදේශවාසීන් 21 දෙනෙකුට පහර දී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ එම නඩුව පවරා තිබේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();