17 අගෝස්තු, 2019
'Waterfall Screen' නමැති නව නිමාවක් සහිත දුරකථනයක ආදර්ශයක් එළිදැක්වීමට OPPO සමාගම් 2019 ජූලි 29 වන දින කටයුතු කළේ ය. සිරස් අංශක 88 ක් තරම් වක්‍ර වූ කෝණයක් සහිත වීම නිසා දුරකථනයේ තිරය මුළුමනින්ම පාහේ දාර රහිත තිරයක් බවට පත්ව ඇති අතර එමගින් වඩාත් උසස් දෘශ්‍යමය අත්දැකීමක් විඳගැනීමට හැකියාව ලැබේ. මෙය පූර්ණ තිර සහ නවතම තාක්ෂණයන් සහිත වඩාත් අලංකාර ජංගම දුරකථන එළිදැක්වීම සඳහා OPPO දරන නිරන්තර උත්සාහයේ තවත් එක් ප්රතිඵලයකි. මේ ආකාරයේ දුරකථන නිර්මාණය කිරීමට උත්සාහ කිරීම, OPPO සමාගමේ පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ ප්‍රධාන අවධානය යොමුවී ඇති අංශ 5 අතරින් එකක් වේ. දැනටමත් වක්‍ර තිර සහිත දුරකථන නිර්මාණය සම්බන්ධයෙන් කැපීපෙනෙන සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට OPPO සමත් වී ඇත.
from silumina

0 Comments