Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යාපා­රික සංචා­ර­ක­යන්ට Elyon Colombo

17 අගෝස්තු, 2019

Elyon හෝටල සමූහ ව්‍යාපා­රය මෙර­ටට පැමි­ණෙන ව්‍යාපා­රික සංචා­ර­ක­යන් සඳහා ‘Elyon Colombo’දොර­ටුව විවෘත කරයි. කොළඹ Orion City හිදී විවෘත වූ ස්මාර්ට් තාක්‍ෂ­ණය සහ සම්මා­න­ලාභි ගෘහ නිර්මාණ ශීල්පයේ නිර්මා­ණ­ත්මක සංක­ල්ප­යක් අනුව නිර්මා­ණය කර ඇති ‘Elyon Colombo’ අති නවීන පහ­සු­කම් රැස­කින් සම­න්විත ය. සංචා­රක ව්‍යාපා­රි­ක­යන්ට තම ව්‍යපා­රික අව­ශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය පහ­සු­කම් සියල්ල සහි­තව නිර්මා­ණය කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.

Elyon හෝටල සමූ­හයේ නිර්මාතෘ ප්‍රසන්ත ජය­මහ මහතා සඳ­හන් කළේ තමන් වෙත පැමි­ණෙන අමු­ත්තන්ට ආවේ­ණික සහ සුවි­ශේෂි වූ සත්කාර කිරී­මට නිර­න්ත­ර­යෙන් කට­යුතු කරන බවයි. වඩා නම්‍ය­ශීලි සහ සුහ­ද­ශීලි සේවා­වක් සප­ය­මින් එම ව්‍යාපා­රික සංචා­ර­ක­යින්ගේ ව්‍යාපා­රික අව­ශ්‍යතා සඳහා උස­ස්තම පහ­සු­කම් ලබා­දී­මට ‘Elyon Colombo’ සූදා­නම් බව හෙතෙම සඳ­හන් කළේය.

‘Elyon Colombo’හෝට­ලය Orion City Park වෙත පහ­සු­වෙන් සමීප විය හැකි ස්ථාන­යක පිහිටා තිබීම ද මෙහි ඇති විශේ­ෂ­ත්ව­යකි. Orion City Park වෙත පැමි­ණෙන ව්‍යාපා­රික සංචා­ර­ක­යන්ට මෙන්ම කොළඹ, කොටුව , දෙම­ට­ගොඩ සහ කැළ­ණිය ආදී නගර වෙත පහ­සු­වෙන් සමීප විය හැකි ස්ථාන­යක ‘Elyon Colombo’පිහිටා තිබේ.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();