TVS සමාගම පසුගියද නිමාව දුටු ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේ ය. TVS කුසලාන තරගාවලිය ලෙස නම්කරන ලද එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම මෙරට ක්‍රිකට් රසිකයන්ටද අතිශයින් වැදගත් තරගාවලියක් වූ අතර, මාස 44 ක් පුරා ලැබූ පරාජයන් නිමා කරමින් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. මෙම තරගාවලියේ තවත් වැදගත් සිදුවීමක් වූයේ ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගැනීම ඉතාමත් උත්කර්ෂවත් අන්දමින්, රසික හරසර මැද සිදුවීමයි.
ලොව ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන TVS මේ වනවිට රටවල් 60 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇත. එම සමාගමේ අනුග්‍රහය යටතේ පවත්වන ලද මෙම තරගාවලිය, ශ්‍රී ලංකා කණ්ඩායමට තම ආත්ම විශ්වාසය නැවත ගොඩනංවා ගැනීමට මෙන්ම තරුණ ක්‍රීඩකයන්ට තම දක්ෂතා විදහා දැක්වීමට අගනා අවස්ථාවක් විය.
from silumina

0 Comments