Ticker

6/recent/ticker-posts

Header Ads Widget

"ආනමාලු රංග" ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් STF අත්අඩංගුවට

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මාදම්පිටිය කනත්ත අසලදී සම්පත් නිරෝෂණ හෙවත් "ආනමාලු රංග" නමැති සංවිධානාත්මක අපරාධකරු සහ තවත් පුද්ගලයෙක්  ඊයේ (15) සවස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොටහේන, සමිත්පුර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. 
 
එහිදී එම අපරාධ සිදුකිරීමට යොදා ගනු ලැබූ ආයුධ සමගින් ඔවුන් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();