Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොදම සහ හරිම අපෙක්ෂකයා 18 දා රටට – ජාතික භික්ෂු පෙරමුණ

ආගමික නායකයින් සියළුදෙනා එක්ව නිර්දේශ කර ඇති ආකාරයේ අපේක්ෂකයෙකු සම්බන්ධව ඉදිරි මැතිවරණවලදී තීරණයක් ගන්නැයි ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්, ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමි මේ බව පවසා සිටියහ.

සුපිළිපන් බව, මහජන සේවය සඳහා සිය ජීවිතය මුළුමනින්ම කැප කිරීම, අගති විරහිත භාවය, වගකීම හා වගවීම, අවංක භාවය, ජන නායකත්වය, විනිවිද භාවය, ජනතාව වෙනුවෙන් ප්‍රායෝගික හා සාධාරණ තීන්දු ගැනීම යන කරුණු, මැතිවරණ අපේක්ෂකයෙකු සතුවිය යුතු බව ආගමික නායකයින් විසින් නිර්දේශ කර ඇත.

ඒ අනුව ලබන 18 වැනිදා ජාතික ජන බලවේගය හරහා ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවෙන් ජාතික භික්ෂු පෙරමුණ ඇතුළු තවත් සංවිධාන 28ක් මේ වනවිට එකතුවී ඇති බවත් එමඟින් ඉදිරිපත් කර ඇති රට ගොඩනැගිය හැකි දේශපාලන වැඩපිළිවෙළ වටා මහජනතාව එක්විය යුතු බවත් ජාතික භික්ෂු පෙරමුණ පවසයි. විවිධ පුද්ගලයින් දිනවීම වෙනුවට රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙල වෙනුවෙන් සියළු දෙනා එක්විය යුතු බව ද උදිත හිමියෝ පැවසූහ.

එසේම මැතිවරණ අපේක්ෂකයන් සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කර ඇති ආගමික නායකයන්, එම නිර්දේශයන්ට අදාල නොවන අපේක්ෂයන් සම්බන්ධව නොබියව සමාජය හමුවේ කරුණු දැක්විය යුතු බවත් නැතහොත් එම නිර්දේශ පුහු ලියවිලි බවට පත්වන බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්, ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමි පැවසූහ.

The post හොදම සහ හරිම අපෙක්ෂකයා 18 දා රටට – ජාතික භික්ෂු පෙරමුණ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();