Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හබරණ මාරක රිය අනතුරක් - තිදෙනෙක් ජිවිතක්ෂයට

හබරණ - දඹුල්ල මාර්ගයේ මීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් ඊයේ (15) දින රාත්‍රී 10.00ට පමණ අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
 
මෙසේ මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
එහි සිටි තවත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව සහ කුරුණෑගල පදිංචිකරුවන් පිරිසකි.
 
පොලොන්නරුව දෙසින් දඹුල්ල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයට දඹුල්ල දෙසින් පොළොන්නරුව දෙසට ගමන් කරමින් තිබු මෙම වෑන් රථය හබරණ - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මීගස්වැව, කුඹුක් සෙවණ ආසන්නයේදී  වාහන දෙක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ.
 
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();