Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පවතින සුළං තත්ත්වය තවදුරටත්

පවතින සුළං තත්ත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
දකුණූ පළාතේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
 
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල්දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගයද පැයට කිලෝමීටර් 70 – 80 ද්කවා ක්ෂණිකව ඉහළ යා හැකිය. මුහුද ඉතා රළුවන බැවින් ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 
මාතර දිස්ත්‍රික්කයේ පසුගිය  දින කිහිපයේ ඇති වූ දැඩි සුළං හා වැසි හේතුවෙන් නිවාසවලට හානි සිදු විය. දෙයියන්දර නෙරළංපිටිය මාර්ගයේ විදුලි රැහැන් මත ගස් කඩාවැටීම හේතුවෙන් දින දෙකක් පුරා ප්‍රදේශයේ විදුලිබලය ඇණ හිට තිබේ.
 
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();