Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍ර කමිටුව අද (13) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතව ඇත.
 
ඉන්ධන මිල සංශෝධනය සිදුකළ යුත්තේ සෑම මසකම 10 වනදා වුවද මේ මස 10 වන දා සෙනසුරාදා දිනයක් වීමත්, ඉතිරි දින දෙක සති අන්තයේ නිවාඩු දින වීමත් හේතුවෙන් එම කටයුත්ත අද දිනය දක්වා කල් දැමූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
 
මාසික ඉන්ධන මිල සුත්‍රයට අනුව පසුගිය මාසයේදී ඉන්ධන මිල අඩු වීමක් සිදුවිය.
 
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 02 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 05 කින්ද අඩු කිරීමට රජය පියවර ගත්තේය.
 
කෙසෙවෙතත් පසුගිය මාසයේ ඉන්ධන මිල සුත්‍රයට අනුව ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොතිබුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();