ටෝකියෝ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සත්කාරකත්වය ලබාදෙන ජපානයේ හෂිමා නගරාධිපති සතෝෂි මාට්සුයි මහතා හා ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කරයි. ජපානයේ පැවැත්වීමට නියමිත ක්‍රීඩා උළෙලින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකා ක්‍රීඩාව නංවාලීම උදෙසා ජපානයේ හෂිමා නගරාධිපති සතෝෂි මාට්සුයි මහතා කැමැත්ත පළ කොට ඇති අතර ඒ වෙනුවෙන් ඔලිම්පික් උළෙලට පෙර හා පසුව විවිධ වැඩ සටහන් සම්පාදනය කිරීම මෙහි අරමුණ වේ.
හෂීමා අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසූවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසුවත් දෙපාර්ශ්වය කටයුතු කරන බවය.
“හෂිමා නගරය ටයිකොන්ඩෝ ක්‍රීඩාව නැංවීමට ආධාර සැපයීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. අපේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් හා නිසි පුහුණුවක් මේ තුළින් ගත හැකියි. දෙසැම්බර් මාසයේදී හෂිමා නගරයේ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. රටවල් දෙකේ සහයෝගයෙන් ක්‍රීඩාව දියුණු කිරීමට අපේ සැලසුමයි” මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය.

0 Comments