Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් බිහිවූ දක්ෂ දඟ පන්දු යවන්නකු වන අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.

34 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන සියලුම තරගවලින් ඉවත්වන බව පවසා තිබේ.

2008 වසරේ අප්‍රේල් 10 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි එක්දින තරගයෙන් ජාත්‍යන්තර පිටිය පිවිසි මෙන්ඩිස් අවසන් වරට ජාත්‍යන්තර තරගයකට එක්වූයේ 2015 වසරේ දෙසැම්බර් 16 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගයෙනි. ඉන් අනතුරුව ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට ඔහුට නොහැකි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19කදී කඩුලු 70ක් බිඳ හෙලා ඇති ඔහු, එක්දින තරග 87කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 152කි. විස්සයි20 තරග 39කදී කඩුලු 66ක් බිඳ දැමීමට සමත්වූ මෙන්ඩිස් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ ලෝක වාර්තාවටද හිමිකම් කියයි. සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 8කට කඩුලු 6ක් දවා ගනිමින් පිහිටවූ එම වාර්තාව තවමත් නොබිඳී පවතී. ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 16කට කඩුලු 6ක් දවා ගනිමින් ලොව දෙවැනි හොඳම පන්දු යැවීමද ඔහු සතුව පවතී. ‘කැරම් බෝල්’ පන්දු යැවීම විශේෂ අවියක් කරගත් ඔහු විස්සයි20 පිටියේ මෙන්ම එක්දින පිටියේත් අඩුම තරග ගණනක දී කඩුලු 50ක් බිඳ දැමූ ක්‍රීඩකයන් අතර තවමත් පෙරමුණේ පසුවෙයි. එක්දින තරග 19කින් සහ විස්සයි20 තරග 26කින් ඔහු කඩුලු 50 සීමාවට පිවිසියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();