ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුව 18 වැනි වරටත් සංවිධාන කරන ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය සැප්තැම්බර් 1 වැනිදා අනුරාධපුර සාලියපුර ගජබා රෙජීමේන්තු මුලස්ථාන ගජබා ධාවන පථයේදී පැවැත්වෙයි.
සියැට් - ස්ලඩා තරගමාලාවේ දෙවැනි ග්‍රැවල් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය ලෙස ගජබා සුපර්ක්‍රොස් 2019 තරගාවලිය සංවිධාන වෙයි.
තරගාවලිය ගැන මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජීමේන්තු මුලස්ථානයේදී ගජබා රෙජීමේන්තුවේ නිලධාරී මේජර් ජේනරල් එන්.ඒ. ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමයේ උප සභාපති යොගා පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් ද විශේෂ ආරාධිතයා ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෝටර් රථ තරග ඉසව් 12කින් හා යතුරුපැදි තරග ඉසව් 12කින් සමන්විත පරිපූර්ණ තරගාවලියක් පැවැත්වීමේ සියලු කටයුතු ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය හා එක්ව සම්පාදනය කර ඇති බව මේජර් ජෙනරාල් එන්.ඒ.ධර්මරත්න මහතා පවසා සිටියේය.
1999 වසරේ මේජර් ජෙනරාල් ගාමිණි ගුණසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මූලිකත්වයෙන් එවකට ගජබා රෙජිමේන්තුවේ සෙන්පතින් වූ වත්මන් විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ හා වර්තමාන යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මහතා ඇතුළු ගජබා රෙජිමේන්තුවේ සෙසු සාමාජකයන්ගේ එකමුතුවෙන් පළමු ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්විය. එතැන් පටන් වසර 2007 තෙක් අඛණ්ඩව නව වසරක් තරගාවලිය සංවිධාන කළ අතර 2008-09 දෙවසරේ තරගාවලිය නොපැවැති අතර යළිත් 2010 වසරේදී ආරම්ව මේ දක්වා අඛණ්ඩව පැවැත්වෙයි.
ගජබා රෙජිමේන්තුව රටට තිරසර සාමය උදා කරලීමේදී රටට අහිමි වු රණවිරුවන් 4000කට වැඩි පිරිසකගේ හා පූර්ණ කාලීන සහ කෙටි කාලීන ආබාධයන්ට ලක් වු රණවිරුවන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් අරමුදල් රැස්කිරීම හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නංවාලීමේ අරමුණින් මේ තරගාවලිය සංවිධාන කරයි.
මෝටර් රථ හා යතරුපැදි තරගකරුවන් 250කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් නවීකරණය කරන ලද ධාවන පථයක මෙවර ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට සියලු කටයතු සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමයේ උප සභාපති ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර යොගා පෙරේරා මහතා කියා සිටියේය. මෝටර් රථ ක්‍රීඩාවේ විශේෂඥයෙකු වන හෑන්ස් රැල්ෆ් කාපේන්සි මහතා විසින් නිර්මාණය කරන ලද මනරම් ධාවන පථයක් වන ගජබා ධාවන පථය ක්‍රීඩා ලෝලින් හා ක්‍රීඩකයන් එකසේ ඇලුම් කරන ධාවන පථයක් වන බවත් වාර්ෂික මෙම තරගාවලිය සංවිධනය කිරීමේන් මෝටර් රථ ක්‍රීඩාවට මනා රුකුලක් වි ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
මෙවර තරගාවලිය එයා වොයිස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර සිංගර් ශ්‍රී ලංකා, සියැට් කැළණි ටයර්, හච් ටෙලිකොමිනිකේෂන්, ලංකා ආරෝග්‍ය සමුහ ව්‍යාපාරය සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.
මාධ්‍ය හමුවට මේජර් ජෙනරාල් එච්. ආර්. එන්.ප්‍රනාන්දු, කර්නල් එල්.එච්.එම්. රාජපක්ෂ, වොයිස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ කලමණාකාර අධ්‍යක්ස නලින් හේරත්, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, හච් ටෙලිකොමිනිකේෂන් ආයතනයේ අලේවි ප්‍රධානි රම්සීන් මෝසිත් ලේ හා සියැට් කැලණි ටයර් සමාගමේ නියේජ්‍ය සාමන්‍යධිකාරී වෙළෙඳ බීස්රී ලතිෆ් යන මහත්වරු මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

0 Comments