අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට කටයුතු යොදමින් සිටින බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා පොලිසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක් ව දත්ත පද්ධති සම්බන්ධ කර ගනිමින් මෙම පොලිස් තොරතුරු සංනිවේදන පද්ධතිය ස්ථාපිත කිරීමට පියවර ගන්නාගනිමින් සිටියි .
ඒ අනුව අපරාධවලට සම්බන්ධවූවන්ගේ සහ නීතියේ රැහැනින් පලායන පුද්ගලයන්ගේ තොරතුරු එම පද්ධතියට අතුළත් කෙරෙන අතර ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකථනයක් මගින් එම පද්ධතිය හා සම්බන්ධ වී අපරාධකරු හඳුනාගත ගැනීමට හැකියාව ලැබේ .
ඒ මඟින් අපරාධකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසු කර ගැනීමට මෙන් ම රථ වාහන වැරදි නිරික්ෂණය කිරීමට ද නියමිතය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.
The post මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය පොලීසියට. appeared first on Lanka News Column.

0 Comments