Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇල්පිටිය ප්‍රා. සභා ඡන්දය පවත්වන්න - ශ්‍රේෂ්ඨාධිකරණ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරි පත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එම නියෝගය නිකුත් කළේ, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();