ලෝක බෞද්ධ ජනයාගේ ඉමහත් ගෞරවාදරයට පත් ශ්‍රි දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දරණ පුජනියම තනතුර දියවඩන නිලමේ තනතුරය.
පුරාණයේ රජවරුන් විසින් පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලනයත් සමග ඡන්දයකින් තොරා ගන්නා තනතුරක් බවට පත්විය.
දළදාව හා සබැදි චිරාගත සම්ප්‍රදායන් හා පුද සිරිත් ආරක්ෂා කොට රැක ගැනිමත්, සියලු පරිපාලන සේවා ඉටු කිරීමේහිලා ගිහි සමාජයේ ඉදිරිගාමි නායකයා මොහුය.
ඉංග්‍රිසින්ට උඩරට පාලනය යටත් වන විට දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය.
එතැන් පටන් මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මේ උතුම් තනතුර දැරූ අතර දහනවවන දියවඩන නිලමේතුමා වශයෙන් පත් වූ ප්‍රදීප් නිලන්ග දෑල දියවඩන නිලමේතුමා අභිමානවත්ව මෙම තනතුරෙහි සේවය ඉටු කරනු ලබයි.
දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මුලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.
මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පැමිණි කල්හි රජුගේ දෑත් දොවනයට දිය වැඩිම මෙන්ම දළදා තේවාවට අවශ්‍ය බොල පැන පයින්ඩ කිරීම හා නානු පයින්ඩ කිරීම ද රජ දවස දියවඩන නිලමේටම පැවරි තිබුණු බවට කියැවේ.
අද්‍යතන සමාජයේ බෞද්ධජනයාගේ නායකයා වශයෙන් දියවඩන නිලමේවරයාට මහත් ගෞරවයක් ලැබෙනු ඇත.
දළදා වහන්සේ වැඩ සිටින රන් කරඩුවල ප්‍රථම කරඩුවේ රන් යතුරේ භාරකාරවරයා දියවඩන නිලමේවරයා ය.
මල්වතු අස්ගිරි උභය මහාවිහාර නායක හිමිවහන්සේලා හා එක්ව දළදා චාරිත්‍ර හා සම්ප්‍රදායන් රැක ගැනිම මොහු සතු පරම පුජනීයම වගකිමය.
ශ්‍රි දළදා මාලිගාවේ සියලු අයවැය විධිමත් මුල්‍ය කළමනාකරණයකින් ඉටුකර වාර්ෂික අයවැය නිසි ලෙස සකසා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීමටත් මොහු වග වි සිටියි.
(තාරුක ගමආරච්චි මාධ්‍යඒකකය - ශ්‍රි දළදා මාලිගාව)

0 Comments