Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාපයේ ජනපති අපේක්ෂක ළගදීම

චෝදනා රැසකට අධිකරණය හමුවේ විත්තිකරුවකුව සිටින ඇමෙරිකානු පුරවැසි තම සහෝදරයා නව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටේ නීතියට පටහැනිව, ජනතාව නොමග යවමින් නම් කිරීමට  ක්‍රියා කර ඇති බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසන අමාත්‍යවරයා  එහි වැඩි දුරටත් සඳහන් කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව එහි මන්ත්‍රීධුරයක් හොබවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවාගෙන එහි නායකත්වයට පත් වූ බවයි. 

පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියාකරන මහින්ද රාජපක්ෂ රටේ නීතියේ ආදිපත්‍ය සුරකිනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා විමසා සිටියි.
 
ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයාව නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත්කර ගෙන ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();