Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔට්ටු ඇල්ලීමට-සූදු ක්‍රීඩාවට ගෑවුන අයටත් තනතුරු තහනම්වන ගැසට් නිවේදනය එයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක නියැලී සිටින තැනැත්තෙක් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයකුට ක්‍රීඩා කමිටුවක සාමාජිකයකුවීම නුසුදුස්සෙක් බවට පත්කරන ගැසට් නිවේදනයක් නිකුත් වෙයි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අස්සනින් යුතුව නිකුත් වූ එම ගැසට් නිවේදනය ක්‍රීඩා පනත සමග කියවිය යුතු ක්‍රීඩා නියෝගවලට ඇතුළත් කොට තිබේ.

ගැසට් නිවේදනය නිකුත්වූ දා සිට මේ ක්‍රීඩා නියෝගය බලාත්මකවන අතර නැවැත තහවුරුවීමක් ලෙස ඉදිරියේදී ක්‍රීඩා ඇමැතිවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශක නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පැවැසීය. මේ සංශෝධිත ක්‍රීඩා නීති රෙගුලාසි මේ මස 21 දින සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනය පසුගිය 23දා ප්‍රකාශයට පත්කර තිබේ.

වසර 2016 ඔක්තෝබර් 27වැනිදා නිකුත්වූ ගැසට් නිවේදනය අනුව තිබූ ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ හෝ පරදු තැබීමේ ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධව ඇත්නම් යන්න නව සංශෝධනය මගින් අහොසිවී යන අතර එය වෙනුවට ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ කිසියම් තරගයකට සම්බන්ධතාවක් ඇති ඔට්ටු ඇල්ලීමේ හෝ සූදු ක්‍රීඩාවේ හෝ පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ එවැනි තරග සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක හෝ ආයතනයන්හී එදිනෙදා කටයුතුවල නියැලී සිටින තැනැත්තෙක් හෝ ඔහුගේ පවුලේ ඕනෑම පූර්වාසන්න සාමාජිකයකු (කලත්‍රයා, මව, පියා, සහෝදරයෙක්, සහෝදරියක්, පුතා, දුව, බෑනා, ලේලිය) වන්නේ නම් යන්න ඇතුළත් වේ.

එවැනි පුද්ගලයකු යම් ජාතික ක්‍රීඩා සංවිධානයකට තෝරා පත්කර ගනු ලැබීමට හෝ එසේත් නැතිනම් ගෙවීම් ලබන හෝ නොලබන යම් ධූරයක් දැරීමට හෝ ගෙවීම් ලබන හෝ නොලබන යම් තනතුරක් දැරීමට හෝ යම් ජාතික ක්‍රීඩා සංගමයක කමිටුවක සාමාජිකයකුවීමට හෝ ජාතික ක්‍රීඩා සංගමයක අනුබද්ධ ක්‍රීඩා සමාජයක හෝ සංවිධානයක නාමිකයකු වීමට හෝ නුසුදුස්සකුවන බව ක්‍රීඩා නියෝගවල දැක්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();