ලබන මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගමාලාව දෙසැම්බරය දක්වා කල් දමමින් දෙපිල අතර එක්දින හා විස්සයි20 තරගමාලාවකට සත්කාරකත්වය ලබාදීමේ පාකිස්තානු යෝජනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළ කර තිබේ. ඒ අනුව දෙපිල අතර තරග 3කින් සමන්විත එක්දින හා තරග 3කින් සමන්විත විස්සයි20 තරගමාලා ද්විත්වය කරාච්චි හා ලාහෝර් නගරවලදී පැවැත්වෙනු ඇත.
වසර 2009දී එවකට පාකිස්තානයේ සංචාරයක නිරතව සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් බස්රියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දොරටු වසා දැමූ පාකිස්තානයේ වසර දහයකට පසුව ශ්‍රී ලංකා පිලම එරට දීර්ඝ සංචාරයක නිරතවන පළමු කණ්ඩායම පත්වීම විශේෂත්වයකි. මේ තරගමාලාවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 25 වැනිදා කරාච්චි නුවර බලා පිටත්වනු ඇත.
තරග කාල සටහන මෙසේය.
එක්දින තරගාවලිය (කරාච්චි)
සැප්. 27 - පළමු තරගය
සැප්. 29 - දෙවැනි තරගය
ඔක්.2- තුන්වැනි තරගය
විස්සයි20 තරගාවලිය (ලාහෝර්)
ඔක්.5 - පළමු තරගය
ඔක්.7 - දෙවැනි තරගය
ඔක්. 9 - තුන්වැනි තරගය

0 Comments