Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බලෙන් රඳවා වැඩ ගත් 15ක් වන්දි සමඟ ඇමති හරීන් ගෙන්වා ගනී

සෞදි අරාබි රාජ්‍යයේ සේවය කරමින් සිටි, තම සේවා කාලය ඉක්මවා තිබියදි හාම්පුතුන් විසින් බලෙන් රඳවාගෙන සේවය ලබා ගෙන තිබූ විගමණික ශ්‍රමික කාන්තාවන් 15 දෙනෙකු  පසුගියදා විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි  ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී.
 
මෙම කාන්තාවන්ට සේවා ස්ථානයෙන් වැටුප් නොගෙවීම් සහ බලෙන් රඳවාගැනීම ආදී ගැටළු වලට මුහුණපෑමට සිදුවී තිබුනි. ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සෞදි අරාබි රාජ්‍යයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම විගමණික ශ්‍රමිකයින්ගේ ගැටළු විසදීමට මාෂා නම් වූ පොලිස් සුබසාධක මධ්‍යස්ථානයේ රඳවා තබා ලැබිය යුතුව තිබු සෞදී රියාල් 409353.00 ක (රු.19,382,000.00)  හිඟ වැටුප් හා එරට රජයෙන් ටිකට්පත් ද ලබාදී මෙම සේවක මහත්මීන් මෙරටට එවා ඇත.
 
ඔවුන්ට මෙම මුදල ලබා දීමට හැකිවූයේ ඔවුන් විදේශගත වීමේදී නිසි පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත් බැවිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();