කොළඹ මහ නගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෝටර් රථ රහිත දිනයක් CAR - FREE DAY (CFD) කොළඹ 7, නිදහස් මාවතේ සිට ග්‍රීන්පාත් ආනන්ද කුමාරස්වාමි මාවත දක්වා පසුගියදා(14) පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා පැවැත්විණි.
'CAR FREE' CMB වැඩසටහනේ පදිකයන් ලෙස හෝ බයිසිකල් සහ ස්කෝට් බෝඩ් වැනි යාන්ත්‍රික නොවන ගමනාගමන ක්‍රම මගින් මෙම වැඩසටහන පැවැත්වීය. අදාළ ප්‍රදේශ තුළ එම කාලය අනුව බහුතරයක් ඇවිදීම, ව්‍යායාමකරමින් තවත් සමහරු ක්‍රීඩා කරමින් සිටිණු දක්නට ලැබිණි.
ග්‍රීන්පාත් සිට මහජන පුස්තකාල වටරවුම දක්වා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මාවතේ කොටසක් සහ නිදහස් මාවත ප්‍රදේශය මේ වැඩසටහනට අතුළත් වී තිබිණි. කෙසේ වුවද බස් රථවලට ගැටලුවකින් තොරව සුපුරුදු මාර්ගවල ධාවනය කිරීමට හැකිවිය.
'CAR FREE' CMB වැඩසටහන සඳහා ඇතුළු වීමේ ගාස්තුවක් අය නොකෙරිණි. මෙදින වැඩසටහනට සහභාගි වන්නට ගුඩ් මාර්කට් පරිශ්‍රය වෙත පැමිණ දේශීය ව්‍යාපාරිකයන්ට අත්වැලක්වීම සඳහා භාණ්ඩ මිල දී ගත හැකි අතර ග්‍රීන්පාත්හි දී සංගීතයට සවන්දීමට එහි පැමිණ සිටි සැමට අවස්ථාව උදාවී තිබිණි. ඒ වගේම විවිධ චිත්‍ර නැරඹීමටත් එහි පැමිණි සියලු දෙනාට අවස්ථාව හිමිව තිබීමත් මාධ්‍යට දැකගත හැකි විය. තවද යුනිසෙෆ් සංවිධානය මගින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සම්බන්ධ කරගෙන, දරු දැරියන් වෙනුවෙන් චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් සංවිධාන කර තිබිණි. එහි දී අවශ්‍ය ද්‍රව්‍ය එම සංවිධානය මගින් සපයා තිබිණි. එහි දී ව්‍යායාම, යෝග අභ්‍යාස සහ වෙනත් ශරීර සුවතා ක්‍රියාකාරකම්වලට ද පැමිණ සිටි පිරිසගෙන් බහුතරයක් දෙනා සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.
මේ වැඩසටහන පැවැත්වූයේ තිරසාරත්වය අරමුණුකරගෙනය. අදාළ කලාපය වෙත පැමිණි බහුතරයක් ලඟ ප්ලාස්ටික් බෝතල් භාජන තිබෙනු දක්නට ලැබුණු අතර එහි පැමිණි අයට සෞඛ්‍ය සම්පන්න ආහාර හා කාබනික නිෂ්පාදන ලබාගැනීමට හැකි පරිදි සංවිධායකයන් කටයුතු කර තිබිණි.
මේ වැඩසටහන කොළඹ මහ නගරසභාව එහි පුරපතිනි රෝසි සේනානායක හා ශ්‍රී ලංකා නෙදර්ලන්ත තානාපතිනි ජෝඈන් ඩුන්වරඩ් මහත්මීහු සහභාගි වූහ. නගරයේ වාහන තදබදය අවමකරමින් ජනතාවගේ ජීවිත වඩාත් යහපත් කිරීමේ උත්සාහයක පළමු පියවර ලෙස මෙය ක්‍රියාවට නංවා තිබේ. මේ වැඩසටහන පැවැති දා උදෑසන පටන් රථවාහන වෙනත් මාර්ගවලට යොමුකර ජනතාවට නිදහසේ මෙම මාවත්වල ඇවිද යාමේ අවස්ථාව සලසා දී තිබිණි.
මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ජෝඈන් ඩුන්වරඩ් මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ අප මේ උත්සාහ කරන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකිරීම සඳහා ජනතාව පෙළඹවීමට බවය. නෙදර්ලන්තය බයිසිකල් භාවිතය දිරිගන්වන රටක් බව ද කීය. මේ වන විට අපේ රටවල සෞඛ්‍ය හා යහපැවැත්ම සම්බන්ධ සංඛ්‍යා ලේඛනවල පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කෙරේ. එම නිසා එරටේ මාර්ග අනතුරු ද අඩුවී තිබෙන බව ඇය සඳහන් කළාය. ' 'CAR FREE' CMB වැඩසයහන ශ්‍රී ලාංකිකයන්ට තම පවුලේ අය සමඟ පැමිණ මෙලෙස රථවාහන රහිත මාවත්වල සතුට විඳගැන්නට අවස්ථාව ලබාදෙන වැඩසටහනක් ලෙස මෙය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ පිරිසට ප්ලාස්ටික් රහිත මාවතක පිරිසිදු වාතය ආශ්වාස කරමින් විනෝදාත්මක ක්‍රියාකාරකම්වලට එක්වීමට අවස්ථාව ලැබේ.
මෝටර් රථවලින් තොරවන මෙම මාවත්වල සුන්දරත්වය දැක බලාගැනීමට තමා සිටින්නේ ඉතාමත් උනන්දුවෙන් යැයිද ප්‍රකාශ කළාය.'
නෙදර්ලන්ත තානාපතිනිය මෙසේ ද කීය. 'DUTCH CYCLING EMBASSY' වාර්තාවකට අනුව නෙදර්ලන්ත වැසියෝ දැන් දැන් මෝටර් රථ පැදවීමට වඩා බයිසිකල් පැදීමෙහි නිරත වෙති. එරට රජය විසින් මෝටර් රථ රහිත ප්‍රදේශ හඳුන්වාදීම, නගර මධ්‍යයන්ට රථවාහන ඇතුළුවීම සීමා කිරීම, වඩාත් පුළුල් බයිසිකල් ධාවන තීරු ඉදිකිරීම, නගර සහ මාර්ග සැළසුම් කිරීමේ දී බයිසිකල් පැදීමට ප්‍රමුඛත්වයක් ලබාදීම යනා දී පියවර රැසක් ගැනීම මීට මූලික හේතු වශයෙන් හේතු වී තිබේ. බයිසිකල් මගින් ලැබෙන ආර්ථික පාරිසරික හා සෞඛ්‍යමය ප්‍රතිලාභවලට අමතර එමගින් ජනතාවටග් තෘප්තිය සහ පීඩන තත්ත්වයට ද වර්ධනය වන බව හඳුනාගෙන ඇතැයි ද, මෙය සමාජය වඩාත් සුරක්ෂිත, ප්‍රසන්න සහ සමානාත්මතාව සහිත ස්ථානයක් බවට පත්කරවන සාධකයක් බව නෙදර්ලන්ත තානාපතිනිය පැවසුවාය.
කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය-
කොළඹ නගරයේ මාවත් කිහිපයක මෝටර් රථ නැති ඉරිදාවක් වෙනුවෙන් කරණු කියා සිටියේ 'CAR FREE DAY' වැඩසටහන මේ වන විට රටවල් රැසක නගර පුරා පැවැත්වෙනවා. විකල්ප මාධ්‍ය භාවිත කරමින් පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම මෙහි මූලික ඉලක්කයක්.
පෘථිවිය මත මෙතෙක් වාර්තාවූ උණුසුම්ම ජුනි මාස ඉකුත් මාසය බව යුරෝපා සංගමයේ චන්ද්‍රිකා නියෝජිත ආයතනය මගින් පෙන්වා දෙන ලදී. මෙම භයානක තත්ත්වය වෙනස් කරමින් පෘථිවියේ ඉදිරියටත් ජීවත්වීමට සුදුසු මට්ටමක පවත්වාගෙන යාමේ වගකීම අප සියලුම දෙනා වෙත පැවරී ඇත. ජකර්තා සහ ක්වාලාලම්පූර් ඇතුළුව ලොව පුරා ප්‍රධාන පෙළේ නගර 200කට අධික සංඛ්‍යාවක් මාසිකව ඉරිදා දිනවල මේ ආකාරයට මෝටර් රථ රහිත දින සංවිධාන කරයි. ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන මේ නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව එය රටේ ජනතාවටත් සංචාරකයන්ටත් අනාගතයේ දී කොළඹ නගරයේ මංමාවත්වල සුන්දරත්වය වඩාත් නිදහස් ලෙස විඳගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇති බව රෝසි සේනානායක මහත්මිය පෙන්වා දුන්නාය.
මේ අවස්ථාවට නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතා ඇතුළ නගරසභාවේ නිලධාරීහු සහභාගි වූහ.
සටහන -
ආරියරත්න ගනේගොඩ
ඡායාරූප- කැලුම් ලියනගේ

0 Comments