Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව සහ ජපානය සැබෑ මිතුරන්

කතානායක කරූ ජයසූරිය

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සිහසුනට පත්වීම සමරමින් පසුගියදා ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයාගේ නිල නිවසේ දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

ඔටුන්න හිමි නරුහිතෝ කුමරු මේ වසරේ මැයි 1 වැනි දා ජපානයේ 126 වැනි අධිරාජ්‍යයා ලෙස කිරුල පැලැන්දුවේය. ජපානයේ සෑම අධිරාජ්‍යයකුගේ ම පාලන සමය උදා වන විට නව යුගයක් උදා වන බවට සම්ප්‍රදායක් පවතින අතර නරුහිතෝ කුමරුගේ පාලන සමය රෙයිවා යුගය ලෙස හඳුන්වා තිබේ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්ත්වය 1952 එරට තානාපති සේවය මෙරට ආරම්භ කළ දින සිට අඛණ්ඩව පැවැතියේය.

2015 වසරේ විස්තීර්ණ සම්බන්ධතාවය ප්‍රකාශයට පත් කළ දින සිට දෙරට අතර මිත්‍රත්ත්වය ඉතා පුළුල් වූ බව තානාපති සුගියාමා මහතා ප්‍රකාශ කළේය. 2004 දී සහ 2011දී පිළිවෙළින් ශ්‍රී ලංකාවට සහ ජපානයට විනාශකාරී සුනාමි ඛේදවාචකය පැමිණි අවස්ථාවල දී දෙරට අතර සැබෑ මිත්‍රත්ත්වය ඉස්මතු වූ බව ඔහු වැඩිදුරටත් කීවේය.

කතානායක කරූ ජයසූරිය මහතා මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කරමින් කලින් පැවැති හෙයිසෙයි යුගය ඉතා හොඳින් සාමය ස්ථාපිතව පැවැති අතර වත්මන් අධිරාජ්‍යයාගේ දැක්ම පරිදි රෙයිවා යුගයේ දී ලෝක සාමය යථාර්ථයක් වේවායි කීවේය.

රෙයිවා පාලන සමයේ ද දෙරට අතර මිත්‍රත්ත්වය වර්ධනය වනු දැකීම තම සතුට බව තානාපති සුගියාමා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

බුද්ධි කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();