Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2015 දී පවුල්වාදය පැරදවූ ලෙසම 2019 දීත් පරදවනවා

ඇමැති පාඨලී චම්පික රණවක

2015 දී පවුල් වාදය පරාජය වූ බවත් 2019 දීත් ඒ ආකාරයටම පවුල් වාදය පරදින බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

වරිග සභාවේ අපේක්ෂකයා නම් කිරීම ගැන ඇතමුන් කතා කළද ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂකයා නිසි වෙලාවට නම්කරණු ඇතැයි ඒ මහතා පැවසීය.

මහනුවරදී මාධ්‍යවේදීන් හමුවෙහි ඒ මහතා මේ බැව් කීය.

යැංකින්ගේ සිංහල බෞද්ධකම පෙන්වන විදේශිකයකු මේ රටේ ජනතාව රජ නොකරන බවත් නියම ශ්‍රී ලාංකික බෞද්ධකමින් අනෙකුත් ආගම් ආරක්ෂා කරන අපේක්ෂකයකු ජනතාව ගෙන එන බවත් හෙතෙම පැවසීය.

අමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ගමන් ලංකාවේ දේශප්‍රේමය ගැන කතා කරන අය නොව මේ රට තුළම ජීවත් වන, රට ඉදිරියට ගෙන යන්න පුලුවන් උගත් පිරිසකට රට භාර දෙන්න වේදිකාව සකසන බව ඒ මහතා කීය.

පවුල් වාදයත් ගජ මිතුරු වාදයත් නිසා මෙතෙක් කල් වර ප්‍රසාද විරහිත ජනතාවක් රටෙහි බිහි වූ බවද ඒ මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී කුසලතාවයට මුල්තැන දෙන, රට ඉදිරියට ගෙන යන්න පුලුවන් වාංචනිකයන් නොවන අයට රට භාර දිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

අපේ අරමුණ අපි පෞද්ගලිකව රජවීම නොවන බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා උගත් පිරිසකට රට බාර දෙන්න පුලුවන් වේදකාව සකසන බවද ඒ මහතා කීය.

එක්සත් ජාතක පෙරමුණේ අපේක්ෂකයකු ගැන මෙතෙක් කිසිම යෝජනාවක් හෝ ඒ පිළිබඳ ගැටලුවක් නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

ඉන්දික පොල්කොටුව 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();