Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදු ජනතාව රජකරවන යුගයක් රටේ නිර්මාණය කරනවා

ඇමැති සජිත් ප්‍රේමදාස

ලෝකයේ ආණ්ඩු බිහිවන ප්‍රධාන ක්‍රම දෙකක් පවතින අතර ඉන් එක් ක්‍රමයක් වන්නේ ඡන්දය නොපවත්වා භීෂණය, වංචාව, මැරකම් කරමින් ආඥාදායක ලෙස ආණ්ඩු පිහිටුවීම බවත්, අනෙක් ක්‍රමය වන්නේ ඡන්දය පවත්වා ජන මතයට හිස නමමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ආණ්ඩු බිහි කිරීම බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජන මතයට හිස නවා ජනතාව‍ගේ දර්ශනය අවබෝධ කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ආණ්ඩු බිහිවීම ‍පොදු ජනතාවගේ බලාපොරොත්තුව බවත් සෑමවිටම පොදු ජනතාවගේ ඉල්ලුමට සැපයුම ලබාදී ඔවුන් ශක්තිමත් කිරීමට ක්‍රියා කළ යුතු බව කී ඇමැතිවරයා ජනතාවගේ කර මතින් බලයට පැමිණි පසුව ජනමතයට පයින් ගසා ජනතාව පැත්තකට දමා පවුල් බලය ක්‍රියාත්මක කරමින් ආඥාදායකයන් සහ ඒකාධිපතින් ලෙස කටයුතු කිරීම රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන බවද ප්‍රකාශ ක‍ළේය.

තම පැතුම අධි සුඛෝපභෝගී මන්දිරවල ජීළුත්වන රජකු වීම නොව ජනතාව‍ගේ සේවකයා වී පොදු ජනතාව රජ කරවන යුගයක් රට තුළ නිර්මාණය කිරීම බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ අදහස් පළ කළේ 'සැමට සෙවණ නිවාස ජංගම සේවා මෙහෙවර' වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 3809ක් වටිනා ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිණි. මෙම වැඩසටහන පෙරේදා (15) දින වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

ජංගම සේවා වැඩසටහනට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් 1200කට රුපියල් ලක්ෂ 2400ක් වටිනා 'විසිරි නිවාස ණය' පවුල් 242කට රුපියල් ලක්ෂ 484ක් වටිනා ‍'සොඳුරු පියස නිවාස ණය' ප්‍රතිලාභීන් 193 කට රුපියල් ලක්ෂ 908ක් වටිනා 'සෙවණ ආධාර' දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 919 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

ජනතා ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතනවල විශේෂ ‍ජංගම සේවා කුටි රැසක්ද මෙහි ස්ථාපනය කර තිබුණි.

මේ අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();