Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල දෙවැනි තරගයත් පරදී

ශ්‍රී ලංකාව හා උතුරු අයර්ලන්තය අතර තරගයේ අවස්ථාවක්.

එංගලන්තයේ පැවත්වෙන ලෝක නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගීවූ දෙවැනි තරගයේදී උතුරු අයර්ලන්තය හමුවේ ලකුණු 67-50ක් ලෙස පරාජයට පත්වෙයි. තරගයේ සෑම කාර්තුවකම උතුරු අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටි අතර තරගය අවසන් වෙද්දී ලකුණු පරතරය 17ක් බවට පත්විය. පළමු කාර්තුවේදී ලකුණු 18-13ක් ලෙස ඉදිරියෙන් සිටි උතුරු අයර්ලන්තය, දෙවැනි කාර්තුවේදී 16-12ක්, තෙවැනි කාර්තුවේදී 17-12ක් හා සිවුවැනි කාර්තුවේදී ලකුණු 16-13ක් ලෙස සටහන් කළේය.

වසර 2011දී පැවැති ලෝක නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව හා උතුරු අයර්ලන්තය හමුවූ අතර එහිදී ශ්‍රී ලංකාව ලකුණු 9ක පරතරයකින් පරාජයට පත්විය. එබැවින් මෙවර උතුරු අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාව තව තවත් පසුබැසීමට ලක්ව ඇත.

මේ තරගාවලියේ මුල්ම තරගයේදී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හමුවේ ලකුණු 79- 49ක් ලෙස පරාජයට පත්විය. ලකුණු 30ක පරතරයකින් ජයගත් සිම්බාබ්වේ පිල මේ තරගාවලියට එක්වූ පළමු අවස්ථාව මෙය වේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();