Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවසන් සටනට සා. පීතර් වෙස්ලි

මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමලුන් පිටු දැකීමේ රගර් තරගාවලියේ අවසන් සටනට සාන්ත පීතර් හා වෙස්ලි විදුහල් පිවිසෙති. මේ අවසන් මහා තරගය මේ මස 20දා කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පෙරේදා පැවැති අවසන් පූර්ව තරගයේදී සාන්ත පීතර් විදුහල ලකුණු 19- 14ක් ලෙස ප්‍රබල ඉසිපතන විදුහල පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට පිවිසියේය. එම තරගයේදී සාන්ත පීතර් විදුහල ට්‍රයි 3ක් හා ගෝල් ප්‍රවර්ථන 2ක් හා ඉසිපතන විදුහල ට්‍රයි 2ක් හා ගෝල් ප්‍රවර්ථන 2ක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත පීතර් විදුහලේ ඉෂාන් ප්‍රනාන්දු ට්‍රයි 2ක් හා රවීන් ප්‍රනාන්දු ගෝල් ප්‍රවර්ථනයක් සාර්ථක කරගත් අතර ඉසිපතන විදුහලේ සරිඳු සිහසර හා දහම් වික්‍රමාරච්චි ට්‍රයි දිනුම් හා මනිල්ක රුබේරු ට්‍රයි 2ක් හා රවීන් ප්‍රනාන්දු ගෝල් ප්‍රවර්ථනයක් සාර්ථක කරගත් ගත්හ. අවසමන් තරගයට පිවිසි වෙස්ලි විදුහල පළමු අවසන් පූර්ව තරගයේදී විද්‍යාර්ථ විදුහල ලකුණු 36- 25ක් ලෙස පරාජයට පත් කළේය. එහිදී වෙස්ලි විදුහල ට්‍රයි 5ක් හා ගෝල් ප්‍රවර්ථන 3ක් එක්කරගත් අතර විද්‍යාර්ථ විදුහල ට්‍රයි 3ක් හා ගෝල් ප්‍රවර්ථන 2ක් හා දඬුවම් පහර 2ක් එක් කළේය.

වෙස්ලි විදුහල වෙනුවෙන් කවින්දන පෙරේරා ට්‍රයි 2ක් තරිනුද් හසිත්, සැමුවෙල් ඔග්බේබර් හා ශ්‍රී තියේස් ට්‍රයි එක බැගින් රැස්කර ගත්හ. තරිදු වල්පිටගේ ගෝල් ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේය. විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් කවිෂ්ක බණ්ඩාර, පැතුම් ජයකොඩි හා තරිදු රිද්මික ට්‍රයි දිනුම් හා කවීෂ කලුආරච්චි දඬුවම් පහර දෙකක් හා ගෝල් ප්‍රවර්ථන 2ක් සාර්ථකකර ගත්තේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();