Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්කොළ සහ මද්‍යසාර පනත අද සිට දැඩිව ක්‍රියාත්මක කරනවා

චන්දිමා කරුණාරත්න

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත අද (16) සිට දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසීය.

ඒ පනත උල්ලංඝනය කරන්නන්ට අදාළ මහජන පැමිණිලි තොරතුරු ලබා දීම සඳහා 1948 විවෘත බවත් එම පනතට එරෙහිව කටයුතු කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පනතේ බලයලත් නිලධාරීන් ඉදිරියේ දී දිවයින පුරා විශේෂ වැටලීම් සිදු කිරීමට ද සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද කීවේය. ශ්‍රී ලංකාවේ වසරකට දුම්කොළ භාවිතය නිසා මරණ 20,000ක් 22,000ක් පමණ සිදු වෙනවා. ඒවාගේම ලංකාවේ පිරිමි පාර්ශ්වයේ ද පිළිකා අතර මුඛ පිළිකාව පළමු ස්ථානය ගන්නවා. ලෝකයේම ගත් විට අපේ රට මුඛ පිළිකාවලින් පළමු තැන සිටිනවා. එයට ප්‍රධාන හේතුව ලෙස බුලත්විට දුම්කොළ සලකන්න පුළුවන්.

(වසර 14ත් 16ත් අතර)

පාසැල් ළමයින් 2%ක, 3%ක පමණ ප්‍රමාණයක් දුම්වැටි භාවිතයට යොමු වී තිබෙන බව ගිය වසරේ සමීක්ෂණ වාර්තාවලින් පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව අද (16) සිට දුම්වැටි සහ මද්‍යසාරවලට අදාළව පවතින නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. අද කතරගම ඇසළ මංගල්‍ය පවත්වනවා. ඊට සමගාමීව ඒ ප්‍රදේශයේ විශේෂ වැටලීම් සිදු කරනවා.

සිගරට් සඳහා බදු වැඩිකිරීම ආණ්ඩුව සිදුකළ හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්.

එහිදී අදහස් දැක්වූ බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා,

“වසරකට බිලියන 200ක් පමණ දුම්කොළ නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර කිරීම සඳහා රජය විසින් වෙන් කරනවා. මෙම පනත ක්‍රියාත්මක කිරීමට අදාළව මහජනයාගේ සහය ඉල්ලනවා. පනත උල්ලංඝනය කරන්නන් සම්බන්ධව ළඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට, තොරතුරු ලබාදෙන්න. දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ උපදේශක ජයතිස්ස නානායක්කාර මහතා,

දිවයින පුරා පවතින සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත්කර දුම්වැටි භාවිත කරන පිරිස මුදාගැනීම සඳහා විශාල සේවාවක් සිදු කරනවා.

දුම්වැටි භාවිත කරන පිරිස අඩුකරන අතර පනතට අවනත නොවන පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීම මෙහිදී අප සිදුකරනවා. ඒ යටතේ විශේෂයෙන් වයස අවු. 18ට අඩු පිරිස දුම්පානය කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය, පූජා භූමිවලදී සහ අලෙවිසල්වල සිටම දුම්පානය පිළිබඳව අවධානය යොමු වෙනවා.

දුම්වැටි පානය කරනවා නම් එයට වෙනම කලාපයක් හදන්න අවශ්‍යයි.

දැනට පවතින දුම්වැටිවලින් තොර කලාප ලෙස පවත්වාගෙන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස එලෙසම පවත්වාගෙන යනගමන් ඉදිරියේදී එය 342 දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. පනතට එරෙහි ක්‍රියාත්මක වන අය සඳහා දඬුවම් ක්‍රියාත්මක කිරීම ප්‍රසිද්ධ ස්ථානවලදී දුම්වැටි පානය කළහොත් රුපියල් 50,000ක් යන ආදී වශයෙන් වරදේ ස්වභාවය අනුව දඬුවම් නියම කරනවා. එහිදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද අදහස් දැක් විය.

ඡායාරූපය - විමල් කරුණාතිලක 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();