කතරගම සංචාරක
රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් මහා පෙරහර අද (16) වැනි දින පැවැත්වේ.
අද රාත්‍රි 7.34 ට කතරගම දෙවියන් වැඩමවා ගෙන උඩරට, පහතරට, සබරගමු හා කතරගම දෙවියන්ට ආවේනික වු නැටුම් අංග එක් කරමින් ඇසළ පෙරහැර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානය දක්වා ගමන් කරන අතර කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින් සදාතනික ධාතු කරඩුව බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාට ලබා දීමෙන් අනතුරුව හාස්තිරාජයා පිට ධාතු කරඩුව තැම්පත් කිරීම කිරිවෙහෙර දී සිදුවේ.
අනතුරුව කතරගම දේවාලයට ලැබුණු පුද පඩුරු වලින් කොටසක් කිරිවෙහෙර සෑ රදුන්ට පුජා කිරීමෙන් පසු ආගමික වතාවත් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින් සිදු කෙරේ.
පෙරහර අවසන් කිරීමේ රාජාසන කතාව බස්නායක නිලමේවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරහැර කදවුරු භාර නිලධාරිණි මොණරාගල දිසා ලේකම් ඞී. එස්. පත්මාකුළසුරිය මහත්මිය විසින් රජය නියෝජය කරමින් අවසන් කතාව පවත්වයි.
මෙම චාරිත්‍ර වලින් පසුව පෙරහර නැවැත කිරිවෙහෙර මාර්ගයෙන් දේවාල භුමියට පැමිණ පිට වීදිය ඔස්සේ වල්ලී අම්මා දේවාලය වෙත පැමිණ චාරිත්‍ර ඉටු කිරිමෙන් පසුව නැවැත මහා වීදිය ඔස්සේ මහා දේවාලයට පැමිණ නිමාවට පත්වේ. හෙට (17) උදෑසන 7.30 ට මැණික් ගඟේ දී දිය කැපීම සිදුවේ.

0 Comments