Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේවකයාගේ අයිතිය කප්පාදුකර ආයතනයකට ලාභ ලබන්න බැහැ

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

ඇමැති නවීන් දිසානායක

සේවකයාගේ අයිතිය කප්පාදුකර ආයතනයකට ලාබ ලැබිය නොහැකි බවද දූෂණය නාස්තිය අවම කරගනිමින්, ආර්ථික ජයග්‍රහණ අත්පත්කර ගැනීමේ දී ලාභාංශ සේවකයන් අතර බෙදාදීමට කටයුතු කරන බවද වැවිලි සංවර්ධන ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

පළුගස්වැව වතුයායේ සංවර්ධන කටයුතු හා සේවක ගැටලු විසඳීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ඉකුත් දා පැවැති විශේෂ සාකච්ඡාවේ දී ඇමැතිවරයා එම අදහස් පළ කෙළේ ය.

වර්තමානයේ මෙරට පැන නැඟී ඇති විවිධ ගැටලු සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් එහිදී නවීන් දිසානාකය මහතා මෙසේ ද කීය.

මුහුණ වහන හිජාබ් එක ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ දෙයක් නොවන බව මා වගකීමෙන් කියනවා. එය කොහෙන්ද ආවේ කියා කියන්න හැමෝම බයයි. බලවත්ම රට මැද පෙරදිග නිසා ඒ බය ඇතිකරගෙන තිබෙන්නේ. එහි තිබෙන ආර්ථික ශක්තියට බය වෙලා සිටින දේශපාලනඥයෝ මේ ගැන කතා කරන්න බයයි.

පැහැදිලිව මේ මුස්ලිම් අන්තවාදය එනම් “වහබිසම්“ ආවෙ සෞදි ආරාබියෙන්. එය පාලනය කිරීමක් සිදු වෙනවාද? වර්තමානයේ ලංකාවේ දේශපාලන නායකයෝ දේශපාලනඥයෝ මේ ගැන කටයුතු කරනව ද? කියා ගැටලුවක් මේ රටේ පොහොට්ටුවට ඡන්ද දීපු අය. වෙනත් පක්ෂවලට ඡන්ද දුන් අය සිටින නමුත් ඒ ඡන්දය ලබාගත් ඡන්ද දායකයාගේ නායකයෝ මේ ගැන කටයුතු කරනවා ද? සෞදි ආරාබියාව ගැන පළමුවෙන්ම කතා කරන්න ගත්තේ මා පමණයි.

අපේ සේවක සේවිකාවෝ එක්ලක්ෂ හතළිස් දාහක් පමණ සෞදි අරාබියට සෑම වසරකම යනවා. මට හැකියාවක් තිබුණානම් ඒ පුටුවේ මට වාඩිවීමට හැකි වුනා නම් අද වන විට මා ශක්තිමත්ව සිටියා නම් කොන්ද කෙළින් තබාගෙන මා දැඩි තීරණයක් ගන්නවා, සෞදි අරාබියට යන එක නවත්වන්න. අපේ රටට පුළුවන් වෙන්න ඕනේ ඒ ආර්ථික පාඩුව දරා ගන්න. ඒක විශාල පාඩුවක් නෙවෙයි.

මේ “වාහාබිසම් කියන අන්තවාදී කල්ලිය“ ඒ මූලධර්මවාදය පැහැදිළිවම එන්නේ සෞදි අරාබියාවෙන්. වෙන කොතනකින්වත් මේ අන්තවාදය එන්නේ නැහැ. මේ හෙඩ් එකට ගහන්නැතිව ගැටලුව විසඳන්න නොහැකි බව පාලකයන් හඳුනාගත යුතුයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ රටේ සාමාන්‍ය ජනතාව අතර විශාල භීතිකාවක් ඇති වුණා. ඒක සාධාරණ බයක්. මේ රටේ සෑම පක්ෂයක්ම අන්තවාදයට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. දමිල, මුස්ලිම් හෝ සිංහල හෝ කිසිදු ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩක් නෑ. ඒ සඳහා අප කෙළින් තීරණ ගත යුතුයි.

1970 හා 1980 ගණන්වල සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අප සමඟ එකමුතුව ජීවත් වූ ආකාරය මට මතකයි. නමුත් 1990 දශකයේ පමණ සිට මුස්ලිම් අන්තවාදය ලංකාවට ඒම ආරම්භ වුණා.

නුවරඑළිය දිස්තික්කයේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් සටන් කරන ශක්තිමත්ම මන්ත්‍රීවරයා මම වුවත් ඒ ශක්තියෙන් එහි සිටින මුස්ලිම් හා දමිල ජනතාව පාගන්න කිසි විටෙකත් මා උත්සාහ කරන්නේ නෑ. එහි වෙසෙන බහුතරය දමිල 50% ට වැඩියි. සිංහල ජනතාව 35%යි. මුස්ලිම් ජනයා 10% -5% අතර ප්‍රමාණයක් ඉන්නේ. නුවරඑළියෙන් රටට ආදර්ශයක් ලබා දෙමින් මා දේශපාලනය කරනවා. සියලුම ජනතාවට එක හා සමාන අයිතිවාසිකම් එහි තිබෙනවා.

මුස්ලිම් අන්තවාදීන් සිටිනවානම් , එවැනි පල්ලි , ඒවා ප්‍රවර්ධනය කරන අය හෝ සිටිනවා නම් ඒ නම් ගම් ටික හඳුනා ගෙන ඒවාට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. ජාතික ආරක්ෂාවට රට අභ්‍යන්තරයේ එවැනි කටයුතු සිදු කළාට‍ විෂ එන තැන හඳුනා ගෙන ඒකට ප්‍රතිකර්ම කිරීමක් සිදු නොකිරීමයි ගැටලුව. එවිට මේ විෂ බීජය දිගටම එන්න පුළුවන්.

බලය ලබා ගැනීම හා බලය රඳවා ගැනීම තමයි දේශපාලනය කියන්නේ. තව මාස හතර පහකින් මේ රටේ ජනාධිපතිවරණයක් එනවා. අපේ පක්ෂය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා හා අගමැති අපේක්ෂකයා එක පවුලකට සීමා වෙන්නේ නෑ. නමුත් පොහොට්ටුවේ අගමැතිත් එක පක්ෂයේ ජනාධිපතිත් එක පක්ෂයේ. තමුන්නාන්සේලාට ඕනෑ නම් නැවතත් එවැනි දැඩි අන්තවාදී පවුල් වාදයකට යන්න හැකියි. එය මට ගැටලුවක් නෑ. නමුත් අපි වගකීමෙන් කියනවා එජාපය අගමැති, ජනාධිපති පවුල් දෙකකින් ඉදිරිපත් කරන්නෙ. පවුල්වාදය එජාපයේ නැහැ. ඕනෑම දක්ෂ නායකයෙකුට එජාපයෙන් ඉදිරියට පැමිණ දක්ෂකම් පෙන්වා පක්ෂයට කැප වෙලා තමන්ගේ දක්ෂකම්වලින් හැකියාවෙන් ජනාධිපතිකමට එන්න අපේ පක්ෂය විවෘතයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();