පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් යාපා අබේවර්ධන
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අගෝස්තු 11 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු පසු සියලුදෙනාම එක තැනකට විත් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය උදෙසා කටයුතු අරඹන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.
මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දි පැවැති මාධ්‍ය හමුවකට පසුගියදා (09) එක්වෙමිනි. මන්ත්‍රිවරයා එහිදි වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
ආණ්ඩුව මේ දවස්වල කරන්නේ වැඩ කරන එක නොවෙයි. කරන්න කියලා හිතාගෙන ඉන්න වැඩවලට ප්‍රචාරය ලබාදීමයි. පහුගිය දිනවල ව්‍යාපෘති 11ක පූර්ව ප්‍රචාරක වැඩ සඳහා රුපියල් ලක්ෂ 4900ක් වැය කර තියෙනවා. මේ එකක්වත් කරපු වැඩ නෙමෙයි කරන්න හිතාගෙන ඉන්න වැඩ හෝ කරන්න යෝජනා කරලා තියෙන වැඩ. ගම් උදාවේ ප්‍රචාරක කටයුතු සඳහා තවත් රුපියල් ලක්ෂ 750ක් වැය කරලා තියෙනවා.
මේ ප්‍රචාරක වැඩ කරන ආකාරයට සංවර්ධනයක් සිද්ධ වුණා නම් රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. නමුත් එහෙම දෙයක් පසුගිය කාලසීමාවේ පෙනෙන්නට නැහැ. ජීවත් වීමට සුදුසු රටක් කියලා පෝස්ටර් ගැහුවට රට දිහා බැලුවම එහෙම එකක් පේන්නේ නැහැ. අවුරුදු හතරහමාරක් තිස්සේ රටේ සිද්ධ වෙච්ච සංවර්ධනයක් නැහැ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා. චීනය මුදල් නිදහස් කරලා තිබ්බත් භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් නොකිරීම නිසයි මේ ව්‍යාපෘතියේ වැඩ නතර වෙලා තියෙන්නේ. ඒ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇතැම් ස්ථානවල වැඩ නතර වෙලා තියෙනවා. ඒ අස්සෙන් මොනෝ රේල්, කේබල් කාර් දාන්න හදනවා. අපි කියන්නේ පටන් ගත්තු වැඩ ටික ඉවර කරලා ඉන්න කියලයි.
හිටපු ප්‍රවාහ නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා
ආණ්ඩුව සෝෆා, ඇක්සා, මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් අත්සන් කිරීමට දැන් සැරසෙමින් තිබෙනවා. යාපනය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ඉඩම් අයිතිය මේ අනුව ඇමෙරිකාවට හිමිවෙනවා. ඒ සඳහා ආණ්ඩුව ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන පනත සම්මත කරන්න හදනවා. අගමැතිවරයා කියනවා මේ පනත වෙනුවෙන් පාරට බහිනවා කියලා. අපි අගමැතිවරයාට කියනවා මේ රටේ ආණ්ඩු කරන්නේ අපි නෙමෙයි කියලා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 2.9ක හමුදාවක් ඉන්නවා. මේ ගිවිසුම් නිසා 375,000ක ඇමෙරිකන් හමුදා භට පිරිසකට මේ රටට ඇතුළු වෙන්න අවස්ථාව ලැබෙනවා. අපේ හමුදාවට නොමැති වරප්‍රසාද මේ අයට ලැබෙනවා. අත්සන් කළාට පස්සේ අපට බලාගන්න පුළුවන් අපේ හමුදා පැත්තකට වෙලා ඉන්න කොට ඇමෙරිකන් හමුදාව රට තුළ නිදහසේ යන එන ආකාරය.
ඇමෙරිකාව පය තබපු ලෝකයේ කිසිම රටක් දියුණු වුණේ නැහැ. හැම රටක්ම විනාශ වුණා. ඉරානය, ඉරාකය, ලිබියාව වගේ රටවල් අද අරාජික වෙලා තියෙන්නේ ඇමෙරිකානු ආක්‍රමණ නිසයි. ඒ බව දැන දැනම අපි උගුලේ වැටෙන්න යන්නේ කාගේ වුවමනාවටද? අගමැතිවරයා මේ උත්සහ දරමින් සිටින්නේ ලංකාව ඇමෙරිකාවේ වහල් රාජ්‍යයක් බවට පත් කරන්නයි.
ඡායාරූප- විමල් කරුණාතිලක

0 Comments