රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක
අධ්‍යාපනයෙන් පෙරට එන දරුවන් සාරධර්මවලින් පෝෂණය කිරීම මවුපියන් සතු වගකීමක් බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ 'ළගම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ පොළොන්නරුව රාජකීය ප්‍රථමික විද්‍යාලයේ ඉදි කළ දන්ත ඒකකය, තෝපාවැව මහා විද්‍යාලයේ ඉදි කළ තාක්ෂණ ගොඩනැඟිල්ල හා ද්වීතියික විද්‍යාගාරය විවෘත කිරීම නිමිත්තෙන් පසුගියදා පැවැති උත්සවයේදී ය. එම ගොඩනැඟිලි විවෘත කිරීම රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා අතින් සිදුවිය.
පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ දන්ත ඒකකය සඳහා මිලියන 12කට අසන්න මුදලක් ද, තෝපාවැව මහා විද්‍යාලයේ තක්ෂණ ගොඩනැඟිල්ල සඳහා රපියල් මිලියන 22ක් ද, ද්විතීයික විද්‍යාගාරය සඳහා රුපියල් මිලියන 22කට අසන්න මුදලක් ද රජය වැය කර ඇත. ප්‍රථමික ඉගෙනුම් මධ්‍යස්ථානය තෝපාවැව මහා විද්‍යාලයේ යෝජිත ව්‍යාපෘතියක් වන අතර, එහි පිරිවැය රුපියල් මිලියන 11කි.
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා,
දී මගේ මුත්තනුවන් වන ඩී. එස්. සේනානායක මැතිතුමා මෙම විද්‍යාලයේ ප්‍රථම ගොඩනැඟිල්ල 1950දී සිසු අයිතියට පත් කර තිබුණා. එයින් අවුරුදු 70කට පසු එම පාසලේ තාක්ෂණ විද්‍යාගාරය හා ද්වීතියික විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමට ලැබීම ඓතිහාසික අවස්ථාවක්.
පොළොන්නරුව අද පවතින තත්ත්වයට ගෙන එන්න මේ දරුවන්ගේ මවුපියන් කොයි තරම් වෙහෙස මහන්සි වෙන්න ඇති ද? ඩී. ඒස්. සේනානායක මැතිතුමන්ලා එදා පොළොන්නරුවේ නව ජනපද බිහි කිරීමේදී මදුරු වසංගතවලට පවා මුහුණ දුන්නා. නමුත් පොළොන්නරුව දැන් දියුණුයි.
රටක් හැටියට, රජයක් හැටියට ළමයින් ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය ගැන ද අවධානය යොමු කළ යුතුයි. අපි රජයක් හැටියට අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වැය කරනවා. එය රටට කරන ආයෝජනයක්. අධ්‍යාපනයෙන් ඉදිරියට එන ළමයින් සාරධර්මවලින් හා ගුණ ධර්මවලින් යුතු වෙනවා ද කියන ගැටලුවකුත් තිබෙනවා. ඒ සාර්ධර්ම, ගුණධර්ම මවුපියන් තමන්ගේ දරුවන්ට කියා දිය යුතුයි. ඒ වගේම, ළමයින්ට ළමා කාලයක් ද තිබිය යුතුයි. ළමා කාලය ආපසු එන්නේ නෑ. පාසලෙන් කරන්න පුළුවන් පොඩි ප්‍රමාණයයි. මවුපියන්ට වගකීමක් තිබෙනවා සුජාත දරුවකු රටට දායාද කරන්න. ඒ නිසා අදට වඩා හෙට දින දරුවන්ගේ තත්ත්වය වාසනාවන්ත බවට පත් කරන්න කියා මා මවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා. පොළොන්නරුව රාජකීය ප්‍රථමික විද්‍යාලය සහ පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ විදුහල්පතිවරුන්, මවුපියන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

0 Comments