Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුලියාපිටියේදී බෙලෙක් සමන්ට වෙඩි තියයි

කුලියාපිටිය පොලිස් වසමේ ඇපලදෙණිය මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
 
සිද්ධියෙන් 31 හැවිරිදි ඇපලදෙණිය – ගොමුගමුව ප්‍රදේශයේ පදිංචි සමන් චන්දන හෙවත් බෙලෙක් සමන් නැමැත්තා මෙලෙස තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
ඊයේ(25) රාත්‍රි 08.10ට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන් කළ මෙම පුද්ගලයාට මෙලෙස වෙඩි තබා පළා ගොස් තිබුනි.
 
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර කුළියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();