Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සැකකරුවන් තිදෙනෙක් යළි රිමාන්ඩ්

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සිව් දෙනාගෙන් තුන් දෙනෙකු ලබන මස 02 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (19) නියෝග කලේය.

ඒ  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලගේ නියෝගයකට අනුවයි.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවෙල මෙන්ම රක්නාලංකා සමාගමයේ හිටපු සභාපති වික්ටර් සමරවීරයි.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (18) අත්අඩංගවට ගනු ලැබීය.

ඒ බව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දුන් අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු පිළිබද වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();