එෆ්. ඒ. කුසලාන අවසන් පාපන්දු තරගයෙන් මහනුවර මහ නගර සභා පාපන්දු පිල විසින් දංගොල්ල හයිලයින් පාපන්දු පිල පරදවා ගෝල් 3-2 ක ජයක් වාර්තා කළේය.
මේ තරගය මුල සිටම තියුණුවරක් ගත් අතර ජයග්‍රාහක මහ නගර සභා පිල වෙනුවෙන් බුද්ධික නිශාන්ත, එච්. ඩී. චන්ද්‍රරත්න සහ ඩි. එස්. කේ ප්‍රනාන්දු ගෝල් වාර්තා කළහ. එම්. සකීර් සහ ප්‍රියන්ත පෙරේරා විසින් එක් ගෝලය බැගින් හයිලයින් පිලට ලබා දුන්නේය.
තරගයේ පළමු භාගය නිමාවනවිට 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට මහ නගර සභා පිල සමත් විය. ලක්මාල් වීරක්කොඩි මේ තරගය විනිශ්චය කළ අතර තරග අධීක්ෂණ නිලධාරී වශයෙන් ක්‍රීඩා නිලධාරී කේ. කෝනාර මහතා කටයුතු කළේය.බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය පසුගිය දා මහනුවර පුරපති කේසර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුරද සිල්වා මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.
මහනුවර ක්‍රීඩා විශේෂ උපනන්ද ජයසුන්දර
ඡායාරූප - මහනුවර ක්‍රීඩා විශේෂ

0 Comments