ඊයේ(16) හයිලෙවල් මාර්ගයේ මීගොඩ පොලිස් ස්ථානය ආසන්නයේදී හොරණ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක් විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන විනාශයට පත්විය.
මෙම සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් සිදු නොවූ අතර සිද්ධියෙන් රියදුරුවරයා මහත් කම්පනයට පත්ව සිටියහ. ඔහුගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ටයර් පිච්චෙන ගඳක් දැනුණු බවත් එසැනින් මහා ගිනි ජාලාවකින් මුළු බස් රථයම වෙලාගත් බවත් එසැනින්ම ඔහු එන්ජිම අක්‍රීය කොට බසයෙන් තමන් බිමට පැනගත් බවයි, ඔහු ගොඩගම පදිංචි කරුවෙකි.
වටරැක පානළුව යුදහමුදා කඳවුරේ ජල බවුසරයක් පැමිණ මීගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න නිවාදමනු ලැබීය. වැඩිදුර විමර්ශන කටයුතු මීගොඩ පොලිස් ස්ථානය මගින් සිදුකරයි .
සටහන හා ජායාරූප - ගොඩගම සමූහ ප්‍රියංගි ජයසිංහ

0 Comments