සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ජපානයේ විදෙස් වෙළඳ කටයුතු පිළිබඳ සංවිධානය (JETRO) හි සභාපති යසුශි අකහෝශි මහතා අතර හමුවක් පසුගියදා පැවති අතර මෙහිදි දෙරටෙහි වෙළඳ හා ආයෝජන කටයුතු නැංවීමට අවශ්‍ය සයෝගිතා ක්‍රියාකාරම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
මෙහිදී තවදුරටත් 2018 වසරේ මාර්තු මස ටොකියෝ නුවර දී ජෙට්රෝ සංවිධානයේ සහයෝගිත්වයෙන් පැවති ආයෝජන සම්මන්ත්‍රණය ගැන කරුණු දැක්වු අමාත්‍යවරයා එම ජපන් ආයෝජන සම්මන්ත්‍රණය ජපන් ආයොජකයින් තුළ වැඩි උනන්දුවක් ජනිත කිරීමට සමත්වු අතර එය තවදුරටත් යාවත්කාලින කරගැනීමට මෙය මහඟු අවස්ථාවක් වන බව ද මෙම සාකච්ඡාවේදී පැවසීය.
පසුගිය වසරේදී ජෙට්රෝ බුද්ධි මණ්ඩලය, ආර්ථික සංවර්ධන මණ්ඩලය හා එක්ව ‘ආසියාවේ වෙළඳාම සඳහා ගෝලීය වටිනාකම් ක්‍රියාදාමයන් සහ ප්‍රමිතීන්’ යන මැයෙන් තොරතුරු දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ද අමාත්‍යාංශයේ සහයෝගිත්වය ඇතිව සංවිධානය කෙරුණි. ‘ජෙට්රෝ’ යනු ජපානය සමඟ ලෝකයේ සෙසු රාජ්‍යයන් අතර අන්නෝන්‍ය වශයෙන් වෙළඳ සහ ආයෝජන කටයුතු ප්‍රවර්ධනය සඳහා උනන්දු කිරීමට ක්‍රියා කරන සංවිධානයකි. තවද, විදෙස් සමාගම් ජපානය තුළට පිවිසීමට සහ සිය ව්‍යාපාර පුළුල් කර ගැනීමට සහය දක්වන දක්වන සංවිධානයක් හැටියට ද හැඳින්විය හැකිය.

0 Comments