Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් විරුවන් අනුස්මරණය කිරීම් උත්සවය

ලකඹර සුරකිමින් තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් විරුවන් අනුස්මරණය කිරිම වෙනුවෙන් ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් විරුවන් අනුස්මරණය කිරීම් උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදි පසුගියදා(12) පස්වරුවේ පැවැත් විය.

මෙම රණවිරු ස්මාරකය ස්විශේෂි කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදි කර ඇති අතර රණවිරු ස්මාරකය වෙත පියනගන විට ප්‍රථමයෙන් හමුවන පිවිසුම් ද්වාරය රුදූරු යුද්ධයේ බියකරු බව සංකේතවත් කරයි. එහි ඇතුළත පිළිඹිබු කරනුයේ යුද්ධය නිමාවූ පසු ඇතිවූ සන්සුන් බවයි.

එතැන් සිට පියනැගීමට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ රුදුරු යුද්ධය විසින් අපහට අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරීම සඳහා වේ. ඉන්පසු හමුවන උස්බිම් දෙක අප ජීවත්වන ලෝකය හා මරණීන් මතු ලෝකය ලෙස දෙලොවක් සංකේතවත් කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();