Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක බාලදක්ෂ ජම්බෝරියට යන කණ්ඩායමට ජාතික ධජය ජනපති අතින්

අමෙරිකාවේ දී පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්විම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති නිල නිවසේ දී ඊයේ (16) සිදුවිය.

මෙහි දී බාලදක්ෂයන් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ලෝකයට ගෙන යෑමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවයි. අනතුරුව බාලදක්ෂයන් සමඟ සුහද කථා බහකට ද එක් වූ ජනාධිපතිවරයා තමා පාසල් වියේ දී බාලදක්ෂයකු ලෙස කටයුතු කිරීමේ දී ලත් අත්දැකීම් ද සිහිපත් කළ අතර එහිදී ලද හික්මීම ජනාධිපතිධූරය වන් භාරධූර වගකීමක් දැරීමට තමාට මහඟු පිටිවහලක් වූ බව ද සඳහන් කළේ ය.

විශේෂයෙන් මේ ජම්බෝරිය සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය හරහා වීසා නොලැබුණු දරු දැරියන් වෙත වීසා ලබාදෙන ලෙස දන්වමින් තානාපතිවරිය දැනුවත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරන ලදී. සියලුම බාලදක්ෂයන් සහ ආචාර්යවරුන් වෙත ජනාධිපතිවරයා මෙහිදී සිය සුබ පැතුම් පිරිනැමූ අතර අනතුරුව පිරිස සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේ ය.

24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජූලි 21 වන දින සිට පුරා සති දෙකක් අමෙරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් 100 කට අධික කණ්ඩායමක් සහභාගි වෙති. ජම්බරි කාලය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත්කරන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ජාත්‍යන්තර කොමසාරිස් නීතිඥ කපිල කල්‍යාන පෙරේරා මහතා වෙත ජාතික ධජය පිරිනැමු අතර ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක, නියෝජ්‍ය කණ්ඩායම් නායක වත්සලා විජේවික්‍රම යන මහත්ම මහත්මිහු සහ බාලදක්ෂ කොමසාරිස්වරු හා බාලදක්ෂයන් හා බාලදක්ෂ බාලිකාවෝ මේ අවස්ථාවට එක් වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();