කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය පාලනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කරයි.
එහි ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතාගේ මූලිකත්වයෙන් සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනුම්වත් කරමින් කොළඹ නගරයේ ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් දෛනිකව ක්‍රියාත්මක කෙරේ.
මෙවැනි වැඩසටහන් මීට පෙර අවස්ථා ගණකදීම ක්‍රියාත්මක විය. එහෙත් කොතෙක් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළත් බොහෝමයක් ස්ථානවල සිටින නිවැසියන් මෙන්ම රාජ්‍ය ආයතන නිලධාරින් හරිහැටි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තවීම වැඩිවී තිබේ. අඛණ්ඩව කෙරෙන වැඩසටහන්වලට අනුව මීට දින කිහිපයකට ඉහතදී කොළඹ 13, බටහිර කොටහේන නාගරික මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ රෝයි යාර්ඩ්ලි ප්‍රනාන්දු මහතා කේ. බී. ක්‍රිස්ටි පෙරේරා මාවතට සම්බන්ධ අංක 23, 43, 89, 129 සහ 155 යන වතු පහක සිය ආධාරකරුවන් සහ බටහිර කොටහේන පදිංචි නිවැසියන් මුණගැසී උපදෙස් දෙමින් මන්ත්‍රීවරයා එකී වතුවල පදිංචිකරුවන් දැනුම්වත් කරද්දී අංක 23 සහ 43 පදිංචිකරුවන් දරු පවුල්වල වැඩිහිටියන් කියා සිටියේ නගර සභාවේ මදුරු මර්දන කණ්ඩායම කලට වේලාවට නොපැමිණෙන බවයි.
අංක 89 වත්තේ අපවිත්‍ර ජලය බැසයාමට සකස් කර තිබෙන කානු සියල්ලම කැඩී බිඳී තිබෙන බව මෙම වත්තේ පදිංචිකරුවෝ රෝයි යාර්ඩ්ලි ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පෙන්වා දුනි. බටහිර කොටහේන කේ. බී. ක්‍රිස්ටි පෙරේරා මාවතේ අංක 129 වත්තේ පදිංචිකරුවෝ දැනට අපවිත්‍ර ජලය බැසයාමට තිබෙන කානුවේ අබලන් තත්ත්වය සිමෙන්ති ලෑලි ඔසවා නාගරික මන්ත්‍රීවරයාගේ අවධානයට යොමු කළහ. මේ සඳහා ඉතා කඩිනමින් කැඩී බිඳී තිබෙන වතුවල කාණු පිළිසකර කරන බවට රෝයි යාර්ඩ්ලි ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා ඉහත අංක සඳහන් වතුවල පදිංචිකරුවන් හමුවේ පොරොන්දු විය.
ඡායාරූප හා සටහන - මැද කොළඹ සමූහ

0 Comments